Sunday, December 14, 2025

Night aches when you are far away...


You sleep in comfort, wrapped in your own dreams,
while I lie awake, stripped of your nearness.

Tomorrow you will stand beside me again—
smiling, warm, familiar.
Yet tonight, it feels as though you do not belong to me at all.

I search my heart, trying to trace the birthplace of this pain—
why love carries so much suffering,
why my heart refuses to understand what my mind already knows.

Why did I begin to love you,
knowing you were a light I could never truly touch?
Why did I let myself burn,
why did I decide that this pain was worth choosing?

Because even in the ache,
loving you feels more alive
than a life untouched by fire

Monday, November 24, 2025

දිනෙක අහඹුවක් වී මියෙනතුරු
නුබෙන් ඉගිලී නොයෙන්නම්....

ලගින් හිදිනට අයිති නැතිමුත්
දුරින් හිද නුබ රකින්නම්...

සිතින් ගව් ගනන් ගියදුර
පරිස්සම් කර සිර කරන්නම්...

අතින් අතහැර සිතින් අල්ලන්
නුබට පෙම් 

නුඹ මගෙන් ඉගිල යද්දී

නුඹ මගෙන් ඉගිල යද්දී 
සිනා සී මම බලා ඉන්නම්...

නුඹේ මතක එක වරක් පමනක් 
සෙමින් මම යළි යළි සිඹිමින්ම්...

ලඟින් ඉඳ එක් නිමේෂයකින් 
දුරින් මට නුඹ දැනේ නම්,

සිතින් යා දෙනු නොහැකි බැදුමන්
අත නොහැර අත අරින්නම් 

Friday, November 21, 2025


 

පාවී පාවී 
අවුදින් 
මිහි මව් ලෙහි වදින ...
ඈත නුඹ කුසේ 
වළා රොදින් වට 
පිනි බිඳුවකට
දැනෙනවාද උණුහුමක් 
කොයි තරම්  

........................................................


යටි සුළඟට විසිවී යන 
අක් මුල් සිඳ ගත් 
කාක බෝ පැළ
අපි හැම 

උන්මාද නගරේ 
වියරු සිහිනෙන් 
ඇහැරෙන්න අවසරයි......

සෙක්කුවේ බන්ධනේ 
ඉහිරවා ඉගිලෙන්න 

අවසරයි.........  
අහිමි උණුහුම 
සොයා පියඹා 
ගම් වදින්නට 


 
  
නුඹ
පළමු පෙම් කව වුණා නම්.......
සඳ ගිරක
කතර ඉම නොපිපී,

කුළුදුලේ
වසත් සමයක
දෑස මානේ
පෙති විදා
හිනැහුණානම් .......................






 කතාවක් කියන්න ආඛ්‍යානයක් ඕනෙමද...... 
ජිවත් වෙන්න අරමුණක් ඕනෙමද.... 
කවුද දන්නේ ... මට මොකද...??? 
ඒත් මගේ හිතේ මුල්ලක ගිනි ගන්න වියරුවක් තියෙනවා..... 
මාව හැමතිස්සෙම පුච්චන.... 
ඉතින් ඒ ගින්න නිවන්න පුළුවන් මේ වගේ පොඩ්ඩක් හදවතේ හැගීම් එළියට ගත්තොත් විතරමයි...

ටවුන් හෝල් කියන්නේ.... (to be completed)

නිශාවේ නළලත
සුපිපෙනා පිණි පොඳක් සේ
නුඹ,
කොහි ඉදන්
කොයි ලෙසින්
වැඩියදෝ
මා සිත් පොඩිය නම්
දන්නේ නෑ. . . .

හිරු රැසේ හැන්ගෙනා
මල් තුහින සේ

වරංගනා  නෙත් මත්තේ
හිනැහුණාය නිමේශයක්
අසෙනිය සේ වරංගනා
මැකී ගියා නිමේශකින්

සත්තයි හිනැහෙනවා   පෙම් මල්.....
නිරුදක කතරක පවා

අරුමයක් නොවේ
අකාලයේ දී පවා
ගිනියම් කතරේ
පිපෙනවා
පෙම් කුසුම්.....