ඉර එක්ක මැලවෙනා දහස් පෙතියා මලක,
මල් පෙත්තක,
නොමළ සුමට තැන්
සිංහබාහුගේ සිනිඳු ඇගිලි තුඩු
සනහනා විට,
සිංහබාහුගේ පියවුණු නෙත් අගිස්සෙන්
උණු කදුළක් මෝදු විය. . .
ගෙයි පිළ ඉස්සරහා මිදුලේ
අම්මා මැවූ රටා උඩින්
එහේ මෙහේ ගිය පිය සටහන් ගොන්නක්ය. .
ඒත්
මන්දස්මිතියකින් සැරහී
බුදු පුදට මල් නෙලන
අප්පච්චි විතරක්ය දැන්
මිදුලේ පෙනෙන තෙක් මානයේ. . .
නොරට ගිය පසු හෙට දින
මේ දහස් පෙති මල් සුවඳ
සිංහබාහු
කෙදිනක විදින්න ද ආයේ ? ?
පියෙන් පිය ඉහළ නඟිද්දී,
ගම්මණ්ඩියෙන් දුර ඈත
මහ පුර මැදත්,
සිංහබාහුට දිවි දෙමින් හැමූ දහස් පෙති මල් සුවඳ
වියැකේවි සිදු දිය පවුරෙන් එපිට දී හෙට දිනේ. . .
සිංහබාහුගේ ඇගිලි තුඩු උණුසුමින් දිවි ලබන
දහස් පෙති මල් ගසත් වියැකේවි මතු එවන් දිනක දී
සිංහබාහු අඟලෙන් අඟල උස යද්දී ත්
යොදුනින් යොදුන ඈත් වෙත්දී ත්
වෙනසක් නැතිව කදුළ සඟවාලා
ආඩම්බරයෙන් සිනාසෙන අප්පච්චිට
දුක දැනේවි බෝම
නැති දාට දාස්පෙතියා මල් බුදු පුදට . . . .
අම්මා මවන රටා වලට පාලු හිතේවි
ඒ උඩින් ඇතිරුණු දාස්පෙති මල් නැතිව
දිග් විජය ට හෙට උදෙන්ම
දාස් පෙති උඩින් පිය තබා යන්නට
සිත් සැදෙන්නට සිංහබාහු යළිත්
හෙලු වේය ගැඹුරු සුසුමක්
දහස් පෙති මල් පෙත්ත අත නොහැරම. . .
No comments:
Post a Comment