Friday, December 17, 2021

දිසි අදිසි

පේනවාද නුඹ දෑසට - මම මෙතැන ඉන්නවා....

ඇසෙනවා ද නුඹ සවනට - මම හුස්ම ගන්නවා....


සිනා පොදක් ලැබී නැතිව.....

සිතලේම වියැකි වියැකී 

හුස්ම අදිනවා....

මම මෙතැන ඉන්නවා......


දස දහසක් මා පසු කර 

දස දහසක් මා එක්කම 

දසත ඇදෙනවා...........


නිමේෂයක ඉසිඹු නැතිව 

තරඟෙට දසත දුවනවා.....


එක මොහොතක නිමේෂයක 

කාගේ හෝ දෙනෙතක 

මාගේ රුව ගැටෙන තුරා 

මා වෙනුවෙන් මුවඟක 

සිනා මලක් පිපෙන තුරා .........


නෙතු විදහා ලවන් අයා 

පෙරමඟ බලා ඉන්නවා ..... 

හද පේවී පැතුම් පුරා 

පෙරමඟ බලා ඉන්නවා .....



1 comment: