Friday, November 21, 2025


 

පාවී පාවී 
අවුදින් 
මිහි මව් ලෙහි වදින ...
ඈත නුඹ කුසේ 
වළා රොදින් වට 
පිනි බිඳුවකට
දැනෙනවාද උණුහුමක් 
කොයි තරම්  

........................................................


යටි සුළඟට විසිවී යන 
අක් මුල් සිඳ ගත් 
කාක බෝ පැළ
අපි හැම 

උන්මාද නගරේ 
වියරු සිහිනෙන් 
ඇහැරෙන්න අවසරයි......

සෙක්කුවේ බන්ධනේ 
ඉහිරවා ඉගිලෙන්න 

අවසරයි.........  
අහිමි උණුහුම 
සොයා පියඹා 
ගම් වදින්නට 


 
  

No comments:

Post a Comment