සීතල ගිනි අඟුරු බිඳිති
තවම නිදිද චිතකයේ...
මූසල මළ බෙර ඇඩියා
මකන්නේ උලලේනියේ...
රෑ හීනෙක නුඹ මළ දා
ඇඩු සීතා, කුමරුනේ...
හැබැහින් වූ මේ වියෝවට
හිත සනසනු කොයි ලෙසේ..
උඩින් ගිනි තබා පිය
එදා පෑ පතිනි දම්
ඉහිරුනේ විසුරුනේ
ඈටමත් නොදැනීම
සෙයිලමේ මහෝඝෙට....
දසිස් රාවණ තෙදෙස් බලපා
වෙනස් නොමවුණ සිත් ඇගේ.....
සරුව පිත්තල මොනර හුළඟට
ගසා විසි විණි රහසිනේ.....
නුඹට බැඳී පෙම් ලුහුව නොලිහිණි..
සිත් සොරුන් වියු දැලක පැටලුණි ...
සීත අම්බර පෙමින් උදුලන
චණ්ඩ කතරක නිමක් නොමදැන
අතරමන් වුණි......
හඩන්නී.... හඩන්නී....
ඈ නිසා මළ නුඹේ
රුව බදා හඩන්නී ...
එදා සිට මෙදා තෙක්
හැඬු ලෙසම
හඩන්නී ............
No comments:
Post a Comment