සිහිනෙකින්වත් සිතට ......
තනි වෙන්න තහනම්ද
ඇසිල්ලක තුරාවට ........
හිනැහෙන්න ඕනිමද
මේ තරම් සතුටකින් ....
ජීවිතය ගෙනාවේ
කොහි සිටද
නුඹ මෙමට ..............
නෙත් කෙවෙණි
පාලුවෙන් උණු කඳුළු
ළඟ නැතිව ......
හදවතත් ගැහෙන්නේ
නුහුරු සතුටට
බියෙන් .....
වැහීවිද හෙට වැස්ස
ආයේමත් ගුගුරලා......
සේදෙවිදෝ පෑ
නුඹ මැව්ව සිතුවමේ ......
නැත නැතේ...
චපල නැති කුමරියකි
නුඹ සියල් ගුණ සපිරි....
එහෙත් මේ හිස් කමකි
හිත කොනක සිට හමන
උහුලන්න හැකි වේද
දැනෙන හිස්කම හදට .....
දුකක් නැති ජීවිතේ
බර වැඩියි නේද මට .....
ඉගිල යන්නට හිතයි
පිරුණු හිස් අහස වෙත ආයේ.
No comments:
Post a Comment