සැලුන් දොර දෙපළු කර
දොරට වැඩ ඇසුරු සැණ
බෙන්ස් රථ විමානෙන්
ඉගිලෙනා දෙවඟනන්
අතර,
දා වක ගැසුණු වැදිරියකි
ඈ ...
ගොජර මඩ කුණු කාණුවේ
සවලෙන් ඇද ඇද
සුදහ ගින්නට පනමක් හොයන
සාපලත් මානවි ඈ,
උපන්නාට මෙලොව වැනෙන ...
නේද මහත්තයෝ ....?
මහත්වරුණි, එන්න ගොම්මනේ
ඇගේ වත්තට,
ගඳ ගහන,
කලුවර වීදි අතරින්.
පයිප්පය පොදු
දොවයි
සුනිල්වන් ගත ඇගේ.
උනා කඩමාලු
උලයි ඈ කුංකුම.
විදා වරලස
නිරුවත් කුරුට්ටන් අතරින්
පියමං කරයි ඈ
මල් ගවුම ගවසා
නොමැසූ ඉරුණු තැන් නැති
ඇමඳ, පුංචි කාමරය
කහට වතුරත් සදා
පෙරමං බලයි ඈ
බුර බුරා ඇවිලෙන
සිදාදියේ කල්පාන්ත
ගින්නට
දවණු නොහැකි වූ
ඈ සිත,
අරක්ගත්
පුරුෂයා එනතුරා ....
මහත්වරුණි,
ටයි පටිය, රතු පොත්ත
නොමැති කුමරෙක්ය ඔහු.
සුකුමාල පෙම් සිහිළ
බෙදන විහඟා නොවේ ඔහු
ඔබ වගේ.
නට්ටාමි කුමරෙක්ය
ගඳ ගහන, ගංජා බොන
නූගත් .....(තව.හ්ම්ම්..) .පාදඩ ...
එහෙත් තියුණු ඇස් ඇතැ
ඔහුට...
වදුරු මැහැල්ලක,
දා වක ගැසුණු
සතුව ඇති
පණ ගසන
රතුම රතු
උණුසුම්ම
හඳ විනිවිදිය හැකි
ඉන් බෙදන
රළු පරළු
මට සිලුටු
ආදරය විදිය හැකි
සොදුරු මිනිසාය
ඔහු,
නන්ද කුමරුනි.
No comments:
Post a Comment